Saturday, August 23, 2014

ගෑනුන් පොඩ් දේටත් වෑඩියෙන් හිතනව නෙවෙයි...

අම්මා එක්ක පොලට ගිහාම, මනුස්සයෙක් මගේ පියයුරු අල්ලුවා. බයට, මම අම්මට කිව්වෙ නෑ - මම, අවු 10
ඉන්ග්‍රීසි පේපෙර් එක ලියල, අම්ම එනකන් ඉන්නකොට, මනුස්සයෙක් ඔහුගේ නිරුවත් යටකය මට පෙන්වීම - මම, අවු 14
බසයේ මගේ පිටුපසේ සිටගෙන හෙත්තිවී ජරා කතාවක් කීම - මම, අවු 14, යුනිෆොර්ම් එකෙන්
ක්ලාස් එකක් ඉවර වෙලා අම්මා ඉන්න කම්, මනුස්සයෙක් මට දිව එලියට දමල බලන් ඉන්නව - මම, අවු 16, යුනිෆොර්ම් එකෙන්
බස් එකේ මගෙ එහා පෑත්තෙ ඉදගෙන, තමන් අල්ල් අල්ල් ඉන්නව. මම දෑකල, නගිටල ගියා - මම, අවු 21
වෑසි දවසක, බස් එකේ, කොන්ඩක්ටර් මගෙ අන්ගේ ගෑවෙමින්, සින්දුවක් කියාගෙන යනවා. මම වස්සේ බසයෙන් බෑස්සා. ඈන්ඩුවා. - මම, 24
"ළස්සන බුරිය" - අවු 25, සුලන්ගට මගේ බ්ලවුස් එක එහාට වුන නිසා.
"මොකද තරහෙන් වගේ? හිනාවෙන්න සුදු... ගෙදර රන්ඩු වුනාද?" - ගිය අවුරුද්දේ
පාරේ අවිදගෙන යනකොට සින්දු කීම... එක එක ඒවා ඈහෙන්න කීම... - හෑම්දාම.
පාරේ යනකොට, මනුස්සයෙක් මගේ ඉස්සරහෙන් එනකොට මට හිතෙන්නෙ ... මෙයා මට මොනව හරි කියයි ද? ඈන්ගට ඒයද? අල්ලයි ද? සමහර විට, මුස්ලිම් කාන්තාවන් වගේ සිරුර සම්පූර්නයෙන් වසාගෙන යන එක වඩා හොන්දයි කියල හිතනව. එත් සහනයක් නෑතුව ඈති.
මෙකද අපේ මහා ලොකු සන්ස්කෘතිය? මගේ ජීන්ස් දෙකද වරද? මම සුදු හින්දද? පාරේ යනකොට ඈත්ත්ටම සහනයක් නෑ.

ගෑනුන් පොඩ් දේටත් වෑඩියෙන් හිතනව නෙවෙයි... අපි එහෙමෙ වෙන්නෙ, අපිට පොඩි කාලේ ඉන්දන් වෙන අපරාද නිසා.
#‎streetharassmenthurts‬ - use the hashtag to creat your own post!
Please share to create awareness.